‘(නබිවරය!) සුරාව හා සූදුව පිළිබඳ ඔවුහු නුඹගෙන් විමසති. ඒ දෙකෙහි මහත් පාපය හා ජනයාට යම්
ප්‍රයෝජන ඇති බවත්, නමුත් ඒ දෙකෙහි ප්‍රයෝජනයට වඩා ඒ දෙකෙහි පාපය අතිමහත් බවත්’ පවසනු. තවද ‘තමන් වියදම් කළ යුත්තේ කුමක් දැ?’ යි ද නුඹගෙන් ඔවුහු විමසති. ‘අතිරේක දෑ (වියදම් කරනු)’ යැයි පවසනු. මෙලෙසය අල්ලාහ් නුඹලාට සිතන්නට හැකි වනු පිණිස නුඹලාට මෙම වදන් පැහැදිලි කරනුයේ.