සැබැවින් ම පණට පණ, ඇසට ඇස, නාසයට නාසය, කනට කන, දතට දත, තුවාලවලට (තුවාල කිරීම) යනාකාරයෙන් කිසාස් (හෙවත්) පළි ගැනීම අපි එහි ඔවුනට නියම කළෙමු. එහෙත් කවරෙකු හෝ එය පුණ්‍ය කර්මයක් ලෙස අතහැර දැමුවේ නම් එවිට එය ඔහුට හිලව්වක් වනු ඇත. තවද අල්ලාහ් පහළ කළ දැයින් කවරෙකු තීන්දු ලබා නො දුන්නේ ද එවිට ඔවුහු මය අපරාධකරුවෝ.