Masuk
Masuk
Masuk
Pilih Bahasa

At-Tawbah 9:108 لا تقم فيه ابدا لمسجد اسس على التقوى من اول يوم احق ان تقوم فيه فيه رجال يحبون ان يتطهروا والله يحب المطهرين ١٠٨

Halaman 184 · Juz 11

لَا
تَقُمْ
فِیْهِ
اَبَدًا ؕ
لَمَسْجِدٌ
اُسِّسَ
عَلَی
التَّقْوٰی
مِنْ
اَوَّلِ
یَوْمٍ
اَحَقُّ
اَنْ
تَقُوْمَ
فِیْهِ ؕ
فِیْهِ
رِجَالٌ
یُّحِبُّوْنَ
اَنْ
یَّتَطَهَّرُوْا ؕ
وَاللّٰهُ
یُحِبُّ
الْمُطَّهِّرِیْنَ
۟
කිසිවිටෙක එහි (නැමදුම්) ඉටු නො කරනු. නුඹ (නැමදුම්) ඉටු කිරීමට වඩාත් සුදුසු වනුයේ ආරම්භක දිනයේ දේව බිය හැඟීමෙන් යුතුව ස්ථාපිත කරන ලද මස්ජිදයයි. තමන් පිරිසිදු වීමට ප්‍රිය කරන පුද්ගලයින් එහි වෙති. තවද අල්ලාහ් පිරිසිදුව සිටින්නන් ප්‍රිය කරයි.
Lanjutkan Membaca

Bacalah Tafsir

Ibn Kathir (Abridged)

Masjid Ad-Dirar and Masjid At-Taqwa

The reason behind revealing these honorable Ayat is that before the Messenger of Allah ﷺ migrated to Al-Madinah, there was a man from Al-Khazraj called "Abu `Amir Ar-Rahib (the Monk)." This man embraced Christianity before Islam and read the Scriptures. During the

…

Masjid Ad-Dirar and Masjid At-Taqwa

The reason behind revealing these honorable Ayat is that before the Messenger of Allah ﷺ migrated to Al-Madinah, th

…
Melihat Tafsir

Baca dalam Konteks

100. (මක්කාහ් වෙත නික්ම ගිය) මුහාජිර්වරුන් හා (ඔවුනට උපකාර කළ මදීනාවාසීන් වන) අන්සාර්වරු අතරින් ආරම්භක පෙරටුගාමීහු ද තවද යහපත් ලෙසින් ඔවුන්ව පිළිපැද්දා වූ අය ද වන ඔවුන් ගැන අල්ලාහ් තෘප්තිමත් විය. තවද ඔවුහු ද ඔහු ගැන තෘප්තියට පත් වූහ. ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඔහු ඔවුනට සූදානම් කර ඇත්තේ ය. සදහට ම ඔවුහු එහි සදාතනිකයින් ය. එයයි අතිමහත් ජයග්‍රහණ ය. 101. ගම්බද අරාබිවරුන් අතරින් නුඹලා අවට විසූවන්ගෙන් කුහකයෝ ද වෙති. තවද මදීනා වාසීන්ගෙන් කුහකත්වයේ ස්ථාපිතව සිටියවුන් ද වෙති. නුඹ ඔවුන් ගැන නො හඳුනන්නෙහි ය. අපි ඔවුන් ගැන හඳුනන්නෙමු. මතුවට අපි ඔවුනට දෙවරක් දඬුවම් කරන්නෙමු. පසුව අතිමහත් දඬුවමක් වෙතට ඔවුන්ව යොමු කරනු ලැබේ. 102. තවද තම පාපකම් පිළිගත් වෙනත් අය ද වෙති. ඔවුහු දැහැමි ක්‍රියාවන් හා වෙනත් නපුරු ක්‍රියාවන් (එකට) මුසු කළෝ ය. පශ්චාත්තාපය පිළිගෙන ඔවුනට සමාව දීමට අල්ලාහ්ට හැකි ය. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණා ගුණයෙන් යුක්ත ය. 103. ඔවුන්ගේ වස්තුවලින් ඔවුන් පිවිතුරු කර වන, ඔවුන්ව පාරිශුද්ධ කර වන (සදකාවක්) දානයක් නුඹ ගනු. තවද නුඹ ඔවුනට ප්‍රාර්ථනා කරනු. නියත වශයෙන් ම නුඹගේ ප්‍රාර්ථනාව ඔවුනට සැනසුමකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය. 104. නියත වශයෙන් ම අල්ලාහ් තම ගැත්තන්ගෙන් පශ්චාත්තාපය පිළිගන්නා බවත්, දානමානයන් (පිළි)ගන්නා බවත්, තවද නියත වශයෙන් ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නා කරුණා ගුණයෙන් යුක්ත බවත් ඔවුහු නො දන්නෝ ද? 105. ‘නුඹලා ක්‍රියා කරනු. එවිට අල්ලාහ් ද ඔහුගේ ධර්මදූතයාණන් හා දේවත්වය විශ්වාස කරන්නන් ද නුඹලාගේ ක්‍රියාවන් දකිනු ඇත. තවද දෘශ්‍යමානය හා අදෘශ්‍යමානය දන්නා වෙත නුඹලා නැවත යොමු කරනු ලබනු ඇත. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ නුඹලාට ඔහු දන්වනු ඇතැ’යි (නබිවරය!) නුඹ පවසනු. 106. තවද අල්ලාහ්ගේ නියෝගයට ප්‍රමාද කරනු ලබන වෙනත් අයද වෙති. ඔවුනට ඔහු දඬුවම් කරයි. එසේ නැතහොත් පශ්චාත්තාපය පිළිගෙන ඔවුනට සමාව දෙයි. තවද අල්ලාහ් සර්වඥානී ය; ප්‍රඥාවන්ත ය. 107. හානි සිදු කිරීමටත්, දේව ප්‍රතික්ෂේපයටත්, දේවත්වය විශ්වාස කරන්නන් අතර බෙදුම් ඇති කිරීමටත්, මීට පෙර අල්ලාහ් හා ඔහුගේ දූතයා සමඟ සටන් කළවුනට අභය ස්ථානයක් ලෙසටත්, දේවස්ථානයක් (ඉදි කර) ගත් ඔවුහු "අපි යහපත මිස වෙනෙකක් අපේක්ෂා නො කළෙමු" යැයි දිවුරා පවසති. තවද නියත වශයෙන් ම ඔවුහු මුසාවාදීහු බව අල්ලාහ් සාක්ෂි දරයි. 108. කිසිවිටෙක එහි (නැමදුම්) ඉටු නො කරනු. නුඹ (නැමදුම්) ඉටු කිරීමට වඩාත් සුදුසු වනුයේ ආරම්භක දිනයේ දේව බිය හැඟීමෙන් යුතුව ස්ථාපිත කරන ලද මස්ජිදයයි. තමන් පිරිසිදු වීමට ප්‍රිය කරන පුද්ගලයින් එහි වෙති. තවද අල්ලාහ් පිරිසිදුව සිටින්නන් ප්‍රිය කරයි. 109. වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ් පිළිබඳ වූ බිය හැඟීමෙන් යුතුව (ඔහුගේ) තෘප්තිය බලාපොරොත්තුවෙන් ගොඩනැගිල්ලක් ඉදි කරන්නා ද එසේ නැතහොත්, ඒ සමඟ ම නිරා ගින්නට වැටෙන තත්ත්වයේ ගරා වැටෙන ඉවුරු තීරුවේ ගොඩනැගිල්ලක් ඉදි කරන්නා ද? තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මඟ නො පෙන්වයි. 110. ඔවුන් ඉදි කළා වූ ඔවුන්ගේ ගොඩනැගිල්ල ඔවුන්ගේ හදවත් කැබලි වන තෙක් ඔවුන්ගේ හදවත් තුළ සැකයෙන් ම පවතී. තවද අල්ලාහ් සර්වඥානී ය; ප්‍රඥාවන්ත ය.

- Ruwwad Center

Lanjutkan Membaca

Catatan dan Refleksi

Anda tidak memiliki catatan atau refleksi apa pun mengenai ayat ini.

Notes placeholders

Tetap Terhubung dengan Al-Quran ❤️

Pengingat singkat dan bermakna untuk menyegarkan diri, merenung, dan tetap terhubung dengan Al-Quran.

Baca, Dengarkan, Cari, dan Renungkan Al Quran

Quran.com adalah platform tepercaya yang digunakan jutaan orang di seluruh dunia untuk membaca, mencari, mendengarkan, dan merefleksikan Al-Qur'an dalam berbagai bahasa. Platform ini menyediakan terjemahan, tafsir, tilawah, terjemahan kata demi kata, dan berbagai alat untuk pembelajaran yang lebih mendalam, sehingga Al-Qur'an dapat diakses oleh semua orang.

Sebagai sebuah Sadaqah Jariyah, Quran.com berdedikasi untuk membantu orang-orang terhubung secara mendalam dengan Al-Qur'an. Didukung oleh Quran.Foundation , sebuah organisasi nirlaba 501(c)(3), Quran.com terus berkembang sebagai referensi yang sangat bernilai dan gratis untuk semua orang, Alhamdulillah.

Navigasi
Halaman Utama
Radio Qur'an
Qari
Tentang Kami
Pengembang
Pengkinian Produk
Beri Masukan
Bantuan
Menyumbang
Proyek Kami
Quran.com
Quran For Android
Quran iOS
QuranReflect.com
Quran.AI
Sunnah.com
Nuqayah.com
Legacy.Quran.com
Corpus.Quran.com
Proyek nirlaba yang dimiliki, dikelola, atau disponsori oleh Quran.Foundation
Link populer
Doa-doa dari Al-Quran
Ayat Al-Quran Hari Ini
Ayat Kursi
Surah Yasin
Surah Al Mulk
Surah Ar-Rahman
Surah Al Waqi'ah
Surah Al Kahfi
Surah Al Muzzammil
Peta situsKerahasiaanSyarat dan Ketentuan
© 2026 Quran.com. Hak Cipta Terlindungi
Menyumbang