Log masuk
Log masuk
Log masuk
Pilih Bahasa

Hud 11:53 قالوا يا هود ما جيتنا ببينة وما نحن بتاركي الهتنا عن قولك وما نحن لك بمومنين ٥٣

Halaman 227 · Juz 12

قَالُواْ
يَٰهُودُ
مَا
جِئۡتَنَا
بِبَيِّنَةٖ
وَمَا
نَحۡنُ
بِتَارِكِيٓ
ءَالِهَتِنَا
عَن
قَوۡلِكَ
وَمَا
نَحۡنُ
لَكَ
بِمُؤۡمِنِينَ
٥٣
අහෝ හූද්! නුඹ අප වෙත පැහැදිලි සාධකයක් ගෙන ආවේ නැත. තවද නුඹේ කියමන අනුව අපගේ දෙවිවරුන් අපි අතහරින්නන් නො වෙමු. තවද අපි නුඹව විශ්වාස කරන්නන් නො වෙමු යැයි ඔවුහු පැවසුවෝ ය.
Teruskan Membaca

Baca Tafsir

Ibn Kathir (Abridged)

The Conversation between (the People of) `Ad and Hud

Allah, the Exalted, informs that they said to their Prophet,

مَا جِئْتَنَا بِبَيِّنَةٍ

(No evidence have you brought us.) This means that they claimed that Hud had not brought them any proof or evidence for what he claimed.

وَمَا نَحْنُ بِتَارِكِى ء
…

The Conversation between (the People of) `Ad and Hud

Allah, the Exalted, informs that they said to their Prophet,

مَا جِئْتَنَا بِبَيِّنَةٍ

(No evidence

…
Lihat Tafsir

Baca dalam Konteks

50. තවද ආද් වෙත ඔවුන්ගේ සහෝදර හූද්ව ද (අපි එව්වෙමු.) මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවිඳෙකු නොමැත. නුඹලා බොරු ගොතන්නන් මිස වෙනත් අය නොවතැයි ඔහු පැවසුවේ ය. 51. මාගේ ජනයිනි! ඒ වෙනුවෙන් මම නුඹලාගෙන් කුලියක් නො ඉල්ලමි. මාගේ කුලිය මා මැවූ අය වෙත මිස වෙනත් අයෙකු වෙත නැත. එබැවින් නුඹලා වටහා ගත යුතු නො වේ ද? 52. තවද මාගේ ජනයිනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. පසුව පශ්චාත්තාප වී ඔහු වෙතට යොමු වනු. ඔහු නුඹලා වෙත අහස් ජලය අඛණ්ඩව එවනු ඇත. තවද නුඹලාගේ බලයට බලය වර්ධනය කර දෙනු ඇත. තවද නුඹලා වැරදිකරුවන් ලෙසින් පිටු නො පානු. 53. අහෝ හූද්! නුඹ අප වෙත පැහැදිලි සාධකයක් ගෙන ආවේ නැත. තවද නුඹේ කියමන අනුව අපගේ දෙවිවරුන් අපි අතහරින්නන් නො වෙමු. තවද අපි නුඹව විශ්වාස කරන්නන් නො වෙමු යැයි ඔවුහු පැවසුවෝ ය. 54. අපගේ ඇතැම් දෙවිවරුන් නුඹට නපුරක් සිදු කරනු ඇතැයි මිස වෙනකක් අපි නො පවසමු. (එවිට ඔහු) "නියත වශයෙන් ම මම අල්ලාහ්ව සාක්ෂියක් ලෙස ගනිමි. (අල්ලාහ් හැර) නුඹලා ආදේශ තබන දැයින් මම ඉවත්වූ කෙනෙකු බවට නුඹලා ද සාක්ෂි දරනු" යැයි (හූද්) පැවැසුවේ ය. 55. ඔහු හැර (නුඹලා ආදේශ තබන දැයින් මම ඉවත්වූ කෙනෙකි). එමෙන් ම නුඹලා සියල්ල එක්ව මට කුමන්ත්‍රණ කරනු. පසුව නුඹලා මට අවකාශ නො දෙනු.’ යැයි ඔහු (හූද්) පැවසුවේ ය. 56. නියත වශයෙන් ම මම මාගේ පරාධිපති වූ ද නුඹලාගේ පරමාධිපති වූ ද අල්ලාහ් වෙත (සියල්ල) භාර කළෙමි. කිසිදු ජීවියෙකු එහි නළල් කෙස් රොදින් ඔහු හසු කර ගන්නෙකු මිස නැත. නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඍජු මාර්ගය මත සිටින්නේ ය. 57. එහෙත් නුඹලා පිටුපෑවෙහු නම් (දැන ගනු) මම නුඹලා වෙත කවර කරුණක් සමඟ එවනු ලැබුවෙමි ද, එය මම නුඹලා වෙත සැබැවින් ම දැන්වූයෙමි. තවද මාගේ පරමාධිපති නුඹලා නො වන පිරිසක් නියෝජිතයින් බවට පත් කරයි. නුඹලා ඔහුට කිසිවකින් හානි සිදු කළ නොහැකි ය. නියත වශයෙන් ම මාගේ පරමාධිපති සියලු දෑ සුරක්ෂා කරන්නා ය. 58. තවද අපගේ නියෝගය පැමිණි කල්හි අපගෙන් වූ ආශිර්වාදය තුළින් අපි හූද් හා ඔහු සමඟ වූ විශ්වාස කළවුන් මුදවා ගතිමු. තවද අපි ඔවුන්ව දැඩි දඬුවමින් මුදවා ගතිමු. 59. තවද එය ආද්(සමූහයා) ය. ඔවුහු තම පරමාධිපතිගේ වදන් ප්‍රතික්ෂේප කළෝ ය. තවද ඔවුහු ඔහුගේ ධර්ම දූතවරුන්ට පිටුපෑහ. තවද ඔවුහු සෑම දුෂ්ට පාලකයකුගේම නියෝග පිළිපැද්දෝ ය. 60. තවද මෙලොවෙහි ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහි ද ශාපය ඔවුහු ලුහු බඳිනු ලැබුවෝ ය. දැන ගනු! නියත වශයෙන් ම ආද් සමූහයා තම පරමාධිපති ප්‍රතික්ෂේප කළෝ ය. දැන ගනු! හූද්ගේ ජනයා වූ ආද්ට විනාශයක් ම විය.

- Ruwwad Center

Teruskan Membaca

Nota dan Refleksi

Anda tidak mempunyai sebarang nota atau renungan tentang ayat ini.

Notes placeholders

Kekal Terhubung dengan Al-Quran ❤️

Peringatan ringkas yang bermakna untuk menetapkan semula, merenung dan kekal terhubung dengan al-Quran.

Baca, Dengar, Cari, dan Renungkan Al-Quran

Quran.com ialah platform dipercayai yang digunakan oleh berjuta-juta orang di seluruh dunia untuk membaca, mencari, mendengar dan merenung Al-Quran dalam pelbagai bahasa. Ia menyediakan terjemahan, tafsir, bacaan, terjemahan perkataan demi perkataan, dan alat untuk kajian yang lebih mendalam, menjadikan al-Quran boleh diakses oleh semua orang.

Sebagai Sadaqah Jariyah, Quran.com berdedikasi untuk membantu orang ramai berhubung secara mendalam dengan al-Quran. Disokong oleh Quran.Foundation , sebuah organisasi bukan untung 501(c)(3), Quran.com terus berkembang sebagai sumber percuma dan berharga untuk semua, Alhamdulillah.

Navigasi
Halaman Utama
Radio Al-Quran
Qari
Tentang Kami
Pemaju (Developers)
Kemas kini produk
Maklum balas
Bantuan
Derma
Projek Kami
Quran.com
Quran For Android
Quran iOS
QuranReflect.com
Quran.AI
Sunnah.com
Nuqayah.com
Legacy.Quran.com
Corpus.Quran.com
Projek tanpa untung yang dimiliki, diurus atau ditaja oleh Quran.Foundation
Pautan yang di gemari
Doa-doa daripada Al-Quran
Ayat Al-Quran Hari Ini
Ayatul Kursi
Surah Yaseen
Surah Al Mulk
Surah Ar-Rahman
Surah Al Waqi'ah
Surah Al Kahf
Surah Al Muzzammil
Peta lamanPrivasiTerma dan Syarat
© 2026 Quran.com. Hak cipta terpelihara
Sumbangan